ක්ලබ් සැන්ඩ්විච්
අවශ්ය දේ

ටෝස්ට් කරගත්පාන් පෙති 7ක්
සලාද කොල 7 ක්
තත්කාලි 100g
බටර් 100g
ගෝවා 50g
බොම්බයි ලූනු 50g
කැරට් දික් අතට තීරු කපා 50g
පාස්ලි 20g
මයිනෝස් සෝස් මේස හැදි 3
කැරට්, ලුණු,ගම්මිරිස් සමග තෙලෙන් බැදගත් කුකුල් මස් හැම් කැබැල්ලක්
තම්බා ගත් මස්
සැරසීමට අවශ්්‍ය පමනට ලූනු කොල
අල කූරු ආකාරයට බැද ගත් ඔම්ලට් එකක්
බේකන් කැරට් මිශ්‍ර කර බැද ඇති සලාම්(වෙලද පොලෙන් ගත හැකි පිස ඇති මස් වර්ගයක්)
කුකුල් මස් සොසේජස්
සාදන ක්‍රමය
ක්ලොල් ස්ලෝ සලාදය
ගෝවා 50g
කැරට් 20g
බොම්බයි ලූණු සිහින්ව කපා මයිනෝ සෝස් සමග මිශ්‍ර කර මෙයට සිහින්ව කපා ගත් ලුනු කොල හා පාස්ලි කොල දමා මිශ්‍ර කර සලාදය සාදා ගන්න.
ටෝස්ට් කරගත් පාන් පෙත්තක් ගෙන බටර් තවරන්න.පසුව සලාද කොලය බැගින් තබා තක්කාලි පෙති 3 බැගින් තබා ඒ මත බැද ගත් ඔම්ලට් එකක් තබන්න.නැවත කුකුල් මස් මිශ්‍ර කැරට් තබා,කුකුල් මස් හැම් තබා. බේකන් කැරට්,සලාම්,පෙරොනි සමග කුකුල් මස් සොසෙජස් ත්බා ඒ මත නැවතත් පාන් පෙත්තකින් වසා පලමුව ත්‍රිකොන හැඩාට කපා නැවතත් එම ත්‍රිකොනය මැදින් කපා ටුත් පික් එකක් මැදින් ගසන්න.සන්ඩ්විච් මැදින් අල පෙති තීරු තබා ක්ලොල් ස්ලො සලාදය තබා ආහාරයට ගන්න,.
No comments:
Post a Comment