කහ බත්
අවශ්ය දැ
- කීරි සම්බා කිලෝග්‍රෑම් 1ක්
- තම්බාගත් ග්‍රීන් පීස් ටිකක්
- කහ ස්වල්පයක්
- එනසාල් 5
- කරාබු නැටි 3හෝ4ක්
- වියලි මිදි ස්වල්පයක්
- සුදු ලූනු බික්4
- කරපින්චා
- සේර කැබැල්ලක්
- රතුලූනු 50ක්
- රොස්ට් කරගත් කජු මද කිහිපයක්
- ඇස්ට්‍රා ග්‍රෑම් 150
- මිටිකිරි අඩු කෝප්ප 1/2
- කුරුදු පොතු කැබැල්ලක්
- ලුනු ස්වල්පයක්
සාදන ආකාරය
සහල් ගරා හොදින් සෝදා එයට කහ කුඩු,එනසාල්,කරාබු නැටි,ලුනු,කුරුදු පොතු කැබැල්ල දමා මිටි කිරි දමා අවශ්ය තරමට වතුර එකතු කර බත පිස ගන්න.දැන් වෙනම බදුනක් ලිප තබා ඇස්ට්‍රා දමා රත් කරන්න.රත් වු තෙලට කරපින්චා,සිහින්ව කපා ගත් රතු ලූනු සහ සුදු ලූනු,සේර දමා රන්වන් පාට වන තුරු බැද ගන්න.හොදින් පිස ගත් බත මෙම තෙම්පරාදුවට එක්කර හොදින් කලවම් කරගන්න. පසුව දීසියකට දමා ඒ මත ග්‍රීන්පීස් ,කජු මද,වියලි මිදි දමා සරසා ගන්න.

No comments:
Post a Comment