adsense

Sunday, September 4, 2016

පීසා සෝස්

පීසා සෝස්




 අවශ්ය දැ



  • තක්කාලි 500g
  • තක්කාලි පේස්ට් 100g
  • ඔලිව් තෙල් මේස හැදි3
  • කුඩාවට කපා ගත් ලොකු ලුනූ තේ හැදි 1



සාදන ක්‍රමය



තක්කාලි පේස්ට් සහ තක්කාලි බ්ලෙන්ඩර් කරගන්න.සාස්පානක් ලිප තබා ඔලිව් තෙල් දමා රත් කර කුඩාවට කපා ගත් ලුනු ,සුදු ලුනු දමා බ්ලෙන්ඩ් කර ගත් සෝස් දමා මද ගින්නෙ  පැයක් පමන තබන්න.විටින් විට හැදි ගාන්න.ඉන්පසු ඔරිගානෝ මේස හැදි 2ක් දමා ආහාරයට ගන්න.

yellow rice/කහ බත්

කහ බත් 

අවශ්ය දැ


  •  කීරි සම්බා කිලෝග්‍රෑම් 1ක්
  • තම්බාගත් ග්‍රීන් පීස් ටිකක්
  • කහ ස්වල්පයක්
  • එනසාල් 5
  •  කරාබු නැටි 3හෝ4ක්
  •  වියලි මිදි  ස්වල්පයක්
  • සුදු ලූනු බික්4
  • කරපින්චා 
  • සේර කැබැල්ලක්
  • රතුලූනු 50ක්
  • රොස්ට් කරගත් කජු මද කිහිපයක්
  • ඇස්ට්‍රා ග්‍රෑම් 150
  • මිටිකිරි අඩු කෝප්ප 1/2
  • කුරුදු පොතු  කැබැල්ලක්
  • ලුනු ස්වල්පයක්


සාදන ආකාරය

සහල් ගරා හොදින් සෝදා එයට  කහ කුඩු,එනසාල්,කරාබු නැටි,ලුනු,කුරුදු පොතු කැබැල්ල දමා මිටි කිරි දමා අවශ්ය තරමට වතුර එකතු කර බත පිස ගන්න.දැන් වෙනම බදුනක් ලිප තබා ඇස්ට්‍රා දමා රත් කරන්න.රත් වු තෙලට කරපින්චා,සිහින්ව කපා ගත් රතු ලූනු සහ සුදු ලූනු,සේර දමා රන්වන් පාට වන තුරු බැද ගන්න.හොදින් පිස ගත් බත මෙම තෙම්පරාදුවට එක්කර හොදින් කලවම් කරගන්න. පසුව දීසියකට දමා ඒ මත ග්‍රීන්පීස් ,කජු මද,වියලි මිදි දමා සරසා ගන්න.

vegetable rice

එලවලු බත




අවශ්්‍ය දේ



  • කීරි සම්බා කිලෝග්‍රෑම් 1
  • මිටිකිරි අඩුකෝප්ප 1/2
  • කරාබුනැටි 4
  • එනසාල් 3
  • කරපින්චා කිනිත්තක්
  • රම්පෙ කැබැල්ලක්
  • සුප් කැට 2
  • රෝස්ට් කරගත් කජු ග්‍රෑම් 50
  • වියලි මිදි ග්‍රැම්50
  • ලොකු ලූනු100g
  • කැරට්,බෝන්චි,ලීක්ස්,ගෝවා ග්‍රැම්150 


සාදන ආකාරය


 බදුනක් ගෙන එයට මිටිකිරි, සුප් කැට , ලුනු,සිහින්ව  කපා ගත්  එලවලු සියල්ල ,රම්පෙ, කරපින්චා,ලූණු සහ සෝදාගත් සහල් දමා ප්‍රමානවත් තරම් වතුර එක් කර හොදින් කලවම් කර පිස ගන්න.බත ඉදුන පසු වියලි මිදි සහ කජු එක්කර ගන්න.

cup cake/කප් කේක්

කප් කේක්





අවශ්ය දෑ


  • සීනි 250g
  • පිටි  300g
  • බිත්තර 4
  • බේකින් පවුඩර් තේ හැදි 2ක්
  • වැනිලා තේ හැදි 2ක්
  •  කිරි කෝප්ප 1/2ක්
  • බටර්/ඇස්ට්‍රා 250g


සාදන ආකාරය

බදුනක් ගෙන සීනි සහ ඇස්ට්‍රා/බටර්  දමා හොදින් බීට් කරන්න.එයට වැනිලා සහ බිත්තර දමා නැවත හොදින් බීට් කරන්න.පාන් පිටි වලට බේකින් පවුඩර් දමා 3 වරක් පිටි හොදින් හලා ගත් පිටි සහ කිරි පලමුව හදා ගත් මිශ්‍රනයට එකතු කර නැවත හොදින් කලවම් කරගන්න.කප් කේක් තැටියක් ගෙන ඒ මත පෙපර් කප් තබා මිශ්‍රනය ස්වල්පය බගින් දමා සෙන්ටිග්‍රේඩ් 175ක උශ්නත්වයකින් විනාඩි20ක් පමන බ්‍රේක් කරගන්න.
ක්ලබ් සැන්ඩ්විච්

                                                          අවශ්ය දේ



 ටෝස්ට් කරගත්පාන් පෙති 7ක්
සලාද කොල 7 ක් 
තත්කාලි 100g
බටර් 100g
ගෝවා 50g
බොම්බයි ලූනු 50g
කැරට් දික් අතට තීරු කපා 50g
පාස්ලි 20g
මයිනෝස් සෝස් මේස හැදි 3
කැරට්, ලුණු,ගම්මිරිස් සමග තෙලෙන් බැදගත් කුකුල් මස් හැම්  කැබැල්ලක්
තම්බා ගත් මස්
සැරසීමට අවශ්්‍ය පමනට ලූනු කොල
අල කූරු ආකාරයට  බැද ගත් ඔම්ලට් එකක්
බේකන් කැරට් මිශ්‍ර කර බැද ඇති සලාම්(වෙලද පොලෙන් ගත හැකි පිස ඇති මස් වර්ගයක්)
කුකුල් මස්  සොසේජස් 



සාදන ක්‍රමය

ක්ලොල් ස්ලෝ සලාදය

ගෝවා 50g
කැරට් 20g
බොම්බයි ලූණු සිහින්ව කපා මයිනෝ සෝස්  සමග මිශ්‍ර කර මෙයට සිහින්ව කපා ගත් ලුනු කොල හා පාස්ලි කොල දමා මිශ්‍ර කර සලාදය සාදා ගන්න.

ටෝස්ට් කරගත් පාන් පෙත්තක් ගෙන බටර් තවරන්න.පසුව සලාද කොලය බැගින් තබා තක්කාලි පෙති 3 බැගින් තබා ඒ මත බැද ගත් ඔම්ලට්  එකක් තබන්න.නැවත කුකුල් මස් මිශ්‍ර කැරට් තබා,කුකුල් මස් හැම් තබා. බේකන් කැරට්,සලාම්,පෙරොනි සමග කුකුල් මස් සොසෙජස් ත්බා ඒ මත නැවතත් පාන් පෙත්තකින් වසා පලමුව ත්‍රිකොන හැඩාට කපා නැවතත් එම ත්‍රිකොනය මැදින් කපා ‍ටුත් පික් එකක් මැදින් ගසන්න.සන්ඩ්විච් මැදින් අල පෙති තීරු තබා ක්ලොල් ස්ලො සලාදය තබා ආහාරයට ගන්න,.

garlic bead

ගාලික්  බේඩ්

අවශ්ය දෑ

  • පාන් පෙති කිහිපයක්
  • බටර් මේස හැදි 3ක්
  • කුඩාවට කපාගත් පාස්ලි
  • කුඩාවට කපාගත් සුදු ලූනු ස්වල්පයක්


 සාදන ක්‍රමය

බටර්,සුදුලූනු සහ පාස්ලි සොදින් මිශ්‍ර කර පාන් පෙති වල හොදින් තවරන්න.ඉන්පසු ටොස්ට්  කර ගෙන ආහාරයට ගන්න.